ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ක්රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවූ බව නිවේදනය කර ඇත.
ඒ අනුව ක්රීඩිකාවකට තරගයක් සඳහා ගෙවූ ඇ.ඩො. 250 ක මුදල ඇ.ඩො. 750 ක් දක්වා ඉහළ නැංවූ බව ඔවුන් නිදේනය කරයි. එහිදී අතිරේක ක්රීඩිකාවන්ටද ලබාදෙන අදාළ මුදලින් සියයට 25 ක් ලබාදීමට නියමිත බව ඔවුන් වැඩි දුරටත් නිවේදනය කරයි. මෙම දීමනාව එක්දින හා විස්සයි විස්ස ආකෘති ද්විත්වයටම ක්රියාත්මක කිරීමට නියමිතය. මෙම දීමනාය මෙම වසර ආරම්භයේ සිට ක්රියාත්මකයි.
මීට අමතරව තරගයක් ජයග්රහණය කලහොත් ඇ.ඩො. 250 ක බෝනස් මුදලක් ලබාදීමටද ක්රිකට් ආයතනය තීරණය කර ඇත.